දිස්ත්‍රික්ක 4කට නාය අනතුරු ඇගවීම්

අගෝ 31, 2022

    දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහාමගින් නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක මීට අයත් බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.

    එම දිස්ත්‍රික්කවල බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පස් කණ්ඩි කඩා වැටීම් සහ පොළව ගිලා බැසිම සිදුවිය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.

    එමෙන්ම, පහළ වායුගෝලයේ කැළඹිලි සහගත තත්වය දිවයින ආසන්නයේ පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ‍විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News