දිස්ත්‍රික්ක 5කට නාය අවදානම් තවදුරටත්

සැප් 07, 2020

    දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

    කොළඹ, ගාල්ල, කෑගල්ල, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඊයේ (06) රාත්‍රියේ දි මෙම නායයැමේ අවධානම් නිවේදනය නිකුත් කළේය.

    කොළඹ දිස්ත්‍රික්කයේ සිතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, නෙළුව සහ නාගොඩ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල හා පාලින්දනුවර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

    මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට, ඇළපාත සහ ඇහැළියගොඩ,කෑගල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ක්‍රියාත්මක කර තිබේ.

    දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් එල්ල වී ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

    පවතින තත්ත්වය හමුවේ ධීවර හා නාවික ප්‍රජාව ද වඩාත් සැළකිලිමත් වියයුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේය.

    Latest News