අයගම නායයැමෙන් මියගිය 16 හැවිරිදි දැරියගේ සිරුර හමුවෙයි

ජූනි 04, 2021

    අයගම දුම්බර ග්‍රාමසේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් නාය යැමෙන් මියගිය වයස අවුරුදු 16 ක දැරියකගේ සිරුර අද (04) දහවල් සොයා ගෙන තිබේ.

    ආපදා සහන කණ්ඩායම් විසින් මෙම මෙහෙයුම් දියත් කර ඇත. අසළ මාර්ගයේ ගමන් කරමින් සිටි තවත් පුද්ගලයෙකුද පස් කන්දට යටවී ඇතැයි විශ්වාස කරන බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතගම මහත්මිය පැවසුවාය.

    යුධහමුදාව සහ සහන කණ්ඩායම් විසින් ඔහු සොයා මෙහයුමක් ආරම්භ කර තිබේ . අද උදෑසන කන්දක් නායගොස් ඇතැයි, රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Latest News