යළි නායයාමේ අනතුරු ඇඟවීම්

ඔක් 31, 2022

    දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මෙලෙස නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් ඇත.

    රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, නිවිතිගල, කලවාන සහ ඇලපාත සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, දෙහිඕවිට, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රදේශ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුවරඑළිය ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවට ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

    මෙම අනතුරු ඇගවීම අද (31) රාත්‍රී 7.00 දක්වා වලංගු වෙයි.

    Latest News