රට අභ්‍යන්තරයේ විදෙස් මුදල් වෙළඳාම ඉහළ නැංවීමේ සැලැස්මක් - මහ බැංකු අධිපති (වීඩියෝ)

ඔක් 04, 2019

    අභ්‍යන්තර විදෙස් මූල්‍ය වෙළෙඳාම මගින් රට තුළ විදේශ විනිමය ඉහළ නැංවීමට අවශ්‍ය රෙගුලාසි හා නම්‍යශීලිභාවය ඇති කිරීමට මහ බැංකුව නව ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට අපේක්‍ෂා කෙරේ.

    මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද මේ බව කියා සිටියේ, පැය 24 පුරා ක්‍රියාත්මක විදෙස් මුදල් වෙළෙඳාමෙන් ලැබෙන වාසි පිළිබඳව හා නව ප්‍රතිපත්ති පිළිබඳ ACI ලෝක සම්මේලනයේ දී අද අමතමින්.

    එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා.........

    ලෝකයේ විශේෂ අවධානයක් යොමුව පවතින විදෙස් මුදල් වෙළෙඳාම අනෙකුත් වෙළෙඳපොළවලට වඩා විශේෂ වන්නේ, එය පැය 24 පුරා ක්‍රියාත්මක වන හා දිනකට ට්‍රිලියන 6.6ක ප්‍රමාණයක් ලොව පුරා යෙදී සිටින විශාල වෙළෙඳ පොළක් සම්බන්ධවීම නිසයි. ලොව මූල්‍ය වෙළෙඳ පොළ ශීඝ්‍රයෙන් වෙනස් වන අතර, ඒ.සී.අයි. ලෝක සම්මේලනයේ ප්‍රධාන මාතෘකාව වශයෙන් තෝරාගත් මූල්‍ය වෙළෙඳ පොළේ නව මුහුණුවර වන විදෙස් මුදල් වෙළෙඳාම පිළිබඳ අවධානය යොමු කිරීම මගින් ශ්‍රී ලංකාවට නව අවස්ථා රාශියක් හිමිවේ. මෙහි නීතිමය ගැටලු හා වංචා අවම කර ගැනීමටත්, පහසුවෙන් වෙළෙඳ පොළ හැසිරවීමටත් අවශ්‍ය රෙගුලාසි හා නෛතික අවශ්‍යතා සඳහා අවශ්‍ය කෙටුම්පතක් සැකසීමට මහ බැංකුව ඉදිරියේ දී කටයුතු කරනවා.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:13

    Latest News