මහ බැංකුව මුදල් සංසරණය වැඩි කරයි

අප්‍රේ 26, 2020

    මහ බැංකුව විසින් කොරෝනා වසංගත අර්බුදයෙන් පසු පසුබෑමට ලක් වූ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ අරමුණින් මෙම මාසයේදී බැංකු පද්ධතියට නව මුදල් රුපියල් බිලියන 240 ක් මුදල් ලබා දී තිබේ.

    මෙම මුදලින් රුපියල් බිලියන 140 ක් බැංකු හරහා දැනටමත් ඔවුන්ගේ පරිහරණය සඳහා ජනතාව අතට පත්ව ඇති අතර මුදල් සංසරණය වැඩි කරමින් සැබෑ මුදල් ඉල්ලුමේ වැඩිවීම සපුරාලන බව නිලධාරීහු පවසති. මෙම මුදල් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින ජනතාව සඳහා රජයේ සහන ක්‍රියාමාර්ග සඳහාද පහසුකම් සැලසිය හැකි බව මහා භාණ්ඩාගාර නිලධාරියෙක් පවසා තිබේ.

    මේ අවස්ථාවේ දී විශාල මුදල් ප්‍රමාණයක් එන්නත් කිරීමට හේතු වූයේ වසංගත තත්ත්වය නිසා මතුව ඇති ආර්ථික අර්බුදය වුවත් සාමාන්‍යයෙන් අපේ‍්‍රල් අලුත් අවුරුදු හා දෙසැම්බර් උත්සව කාලවලදී බැංකු පද්ධතියට විශාල මුදල් ප්‍රමාණයක් එන්නත් කරනු ලබන බව පැවසේ.

    Last modified on ඉරිදා, 26 අප්‍රේල් 2020 18:44

    Latest News