ආර්ථිකය ගොඩනැගීමේ වගකීම පැහැර නොහරින්න ජනපති මහ බැංකුවට කියයි (වීඩියෝ)

ජූනි 16, 2020
  • වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම පැහැර නොහරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා මහ බැංකුවේ ප්‍රධෘනීන්ට අද කියා සිටියේය.

    ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවති සාකච්ජාවකදී ජනාධිපතිතුමා මෙම අවවාදාත්මක ප්‍රකාශය සිදු කළේය.

    ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබුණ ද, ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන් යන මහත්වරුන් සහ මහ බැංකුවේ නිලධාරීන් පිරිසක් මේ සාකච්ජාවට එක්ව සිටියහ.

    Latest News