වෙළඳ සම්මුතියේ පළමු පිම්මේදී චීනයෙන් අමෙරිකාවට රතු එළියක්

දෙසැ 02, 2019

    වෙළෙඳ සම්මුතියේ ප්‍රථම අදියරේම තම භාණ්ඩවලට එරෙහිව දැනට පනවා ඇති අමෙරිකානු ආනයනික බදු ඉවත් කළ යුතු බව චීනය අවධාරණය කරයි.

    අමෙරිකාව සහ චීනය අතර, ඉදිරියේ දී යහපත් වෙළෙඳ සබඳතාවක් ඇතිවිය හැකි බවයි විදෙස් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. දෙරට අතර වෙළෙඳ යුද්ධය නිමා කිරීමට අදාළ එකඟතාවේ මුල් අදියර පිළිබඳව අවසන් තීරණයකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

    ලොව විශාලතම ආර්ථික දෙක අතර පවතින වෙළෙඳ අර්බුද හේතුවෙන් ලෝක ආර්ථික වර්ධනයට බාධා එල්ල වී ඇති බවයි, විශ්ලේෂකයන් සඳහන් කරන්නේ. මේ හේතුවෙන් අමෙරිකානු සහ චීන වෙළෙඳ සාකච්ජා කෙරෙහි ලොව පුරා විශේෂ අවධානයක් යොමු කර තිබේ.

     

     

    Last modified on සදුදා, 02 දෙසැම්බර් 2019 08:27

    Latest News