රුපියල ශක්තිමත් වෙනවා, විශ්වාසය වැඩි වෙනවා

ජූලි 08, 2023

    ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යමින් පවතින අතර, පාරිභෝගික විශ්වාසයද යළි ගොඩනැගෙමින් පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

    අමෙරිකාවේ CNBC රූපවාහිනිය සමග මාර්ගගතව ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

    පෙර පැවති තත්ත්වය සහ වත්මන් තත්ත්වය සලකා බැලීමේදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුවක් නැහැ. ඉන්ධන සහ ගෑස් මිල ද අඩු වී තිබෙනවා. දැනට පවතින ආනයන සීමා රැසක් ඉදිරියේදී ලිහිල් කිරීමට ක්‍රියා කරමින් සිටිනවා.

    රුපියල ශක්තිමත් වීම සහ කොටස් වෙළෙඳපොළේ ප්‍රවණතා හේතුවෙන් පාරිභෝගික විශ්වාසය වැඩවෙමින් පවතිනවා.  මහබැංකු අධිපතිවරයා අවධාරණය කළේ, IMF සැලැස්ම පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු මෙම සතියේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු දර්ශකය 8% කින් පමණ ඉහළ ගිය බවයි.  

    එබැවින් වසරේ දෙවන භාගයේ ආර්ථික ප්‍රකෘතියක් දැකිය හැකි බවත්, එය දිගටම පවතිනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.  ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ දූෂණ වංචා පිටුදැකිම පිලිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

    මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට මෙය හොදම අවස්ථාවක්. නව දූෂණ විරෝධී පනත සහ මහ බැංකු පනත පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කෙරෙමින් පවතින බව ද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළා.

    Latest News