ඉන්ධන කෝටාව ඉහළට, ලීටර් 125ක් !

මැයි 28, 2023

    ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

    ඒ අනුව, ලියාපදිංචි ත්‍රීරෝද රථයක් සඳහා සතියකට ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා වැඩි කර තිබෙනවා. සෙසු ත්‍රී රෝද රථ සඳහා සතියකට ලීටර 14ක් හිමිවනු ඇති.

    යතුරු පැදියකට ඉන්ධන ලීටර 14ක් ලබාදෙන බවයි, ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ. මෝටර් රථයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර 40කි. වෑන් සහ විශේෂ වාහන සඳහා ලබාදුන් ලීට‍ර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 සහ 45 දක්වා වැඩි කර තිබෙනවා.

    ලොරි සහ බස් රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර 125 දක්වා වැඩි කර ඇති බවයි, අමාත්‍යවරයාගේ ට්විටර් සටහනේ දැක්වෙන්නේ.

    Latest News