රුපියල තව තව බර වෙයි

මාර් 22, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ශ්‍රී ලංකාවට අනුමත කිරීමත් සමග ශ්‍රී ලංකා රුපියලේ අගය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

    මේ අතර, රත්රන් මිලගණන්වල අඩුවීමක් ද දැකගත හැකියි.

    ශ්‍රී ලංකා මහ බැංකුව දක්වා ඇත්තේ, අද දින අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 312 යි ශත 61ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 330යි ශත 61ක්. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ වාර්තා වූයේ රුපියල් 316යි ශත 84ක් ලෙසයි.

    එහි විකුණුම් මිල රුපියල් 334 යි ශත 93ක් ලෙස සටහන් වුණා. මේ අතර, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ, රත්රන් මිල රුපියල් 10,000කින් පමණ පහත වැටී ඇති බවයි.

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළයාම මෙම මිල අඩුවීමට හේතුව බව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කළ මේ සම්බන්ධ නිවේදනයේ සඳහන්. ‍

    ඒ අනුව, අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලෙහි කැරට් 22 රන් පවුමක මිල රුපියල් 151,800/- දක්වා අඩු වී ඇති බව, වාර්තා වුණා.

    ඊයේ එහි වටිනාකම දැක්වුණේ රුපියල් 162,000/-ක් ලෙසයි. ඊයේ රුපියල් 175,000/- ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 165,000/- දක්වා පහත වැටීඇති බව, හෙට්ටිවීදිය රන් වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.

    Last modified on බදාදා, 22 මාර්තු 2023 20:08

    Latest News