ෆෙරි බෝට්ටුවෙන් ඩොලර් 50න් පැය 4ට ඉන්දියාවට (වීඩියෝ)

මාර් 26, 2023
  • ඉන්දියාවේ - පාණ්ඩිචරි, කාරියක්කාල් වරායේ සිට කන්කසන්තු‍රය වරාය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත මාගී යාත්‍රා සේවයේ පළමු යාත්‍රාව ලබන අප්‍රේල් 29 මෙරටට පැමිණිමට නියමිතයි.

    මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීමට සම්බන්ධ පාර්ශව සමග පැවති සාකච්ඡාවකදී, වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා, මේ බව සඳහන් කළා

    මගී යාත්‍රා සේවාව ආරම්භ කිරිමේදී කන්කසන්තුර වරායේ යටිතල පහසුකම් වැඩි දියුණු කෙරෙනවා. ඒ යටතේ, නව මගී පර්යන්තයක් ඉදි කරනු ලබනවා. සමස්ත සංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 144ක්.

    මූල්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලබා දෙනවා. පර්යන්තයේ ඉදිකිරීම් සිදු ‍කරණු ලබන්නේ, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. එහි ඉදිකිරීම් අප්‍රේල් 02 වැනිදා වන විට අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    මගී යාත්‍රා හිමියන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. එහිදී ඔවුන් පැවසුවේ එක් ගමන් වාරයකට මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කරන බවයි. කිලෝ 100ක භාණ්ඩ රැගෙන යාමේ අවස්ථාව සැලසෙනවා.

    ෆෙරි යාත්‍රාවකින් වරකට මගීන් 150 දෙනෙකු රැගෙන යා හැකියි. කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරය වරාය දක්වා යාත්‍රා කිරීමට පැය 4ක් ගත වනවා. යාත්‍රා සේවය ආරම්භයේදී දිවා කාලයේදී පමණක් මෙහෙයුම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    සාකච්ඡාවේ දී අමාත්‍යවරයා සඳහන් කළේ, ෆෙරි සේවාව විවෘත බැවින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම ෆෙරි සේවාවට සම්බන්ද විය හැකි බවයි.

    Latest News