කිලෝග්‍රෑම් 100කට අධික හෙරොයින් තොගයක් සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙක් ඉන්දීය මුහුදු සීමාවේදී එරට ත්‍රස්ත විමර්ශන කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

චන්ද්‍රයාගේ නවතම තොරතුරු සොයා ගැනීම සඳහා යැවුණු යානය සඳ මතට කඩා වැටේ.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනි දින දක්වා ප්‍රමාද කිරිමට අවශ්‍ය එකඟතාවකට එළෙඹේ.

සිවිල් යුද්ධයකට නොයන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දකුණු සුඩානයෙන් ඉල්ලා සිටී.

ලොව විශාලතම මහ මැතිවරණය අද ඉන්දියාවේ දී ආරම්භ විය.

විකිලීක්ස් වෙබ් ජාලයේ සංස්කාරක හා සම නිර්මාතෘ ජුලියන් අසාන්ජ්, බ්‍රිතාන්‍ය පොලිස් අත්අඩංගුවට පත්විය.

ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාළ යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මතවී තිබේ.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වෙයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙයයි.

ඊශ්‍රායල් මහ මැතිවරණයේ මූලික ප්‍රතිඵලවලට අනූව පැහැදිලි ජයග්‍රහනයක් නොමැති බව වාර්තා වෙයි.

ලිබියාවේ ට්‍රිපෝලි අගනුරව පිහිටා ඇති ක්‍රියාත්මක තත්වයේ පවතින එකම ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය විරෝධය පළකර තිබේ.

ඉරාන රජයේ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට පකිස්තානය එල්ල කරන චෝදනා, ඉන්දියාව ප්‍රතික්‍ෂේප කරයි.

ඉන්දියානු සිරකරුවන් 100 දෙනෙක් නිදහස් කිරීමට පකිස්තානය තීරණය කර තිබේ. දෙරට අතර ඇති උණුසුම්කාරී වාතාරවණය අවම කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

අමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ ලේකම් කර්සටන් නීල්සන් මහත්මිය ඉල්ලා අස්වී තිබේ.

මාලදිවයින් මහමැතිවරණයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ පක්ෂය ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මාලදිවයින් පාර්ලිමේන්තු මහ මැතිවරණ අදයි. මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 87ක් සඳහා අපේක්ෂකයන් 386 දෙනෙක් තරග වැදීමට නියමිතයි.

බෝයිං සමාගම සිය ගුවන් යානා නිෂ්පාදනය තාවකාලිකව පහළ දැමීමට තීරණය කර තිබේ.

චීන රාජ්‍ය මණ්ඩලයේ පැවති විධායක රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 වැනි දින සිට මැයි 19 වැනි දින දක්වා අදියර 7ක් යටතේ පැවැත්වීමට තීරණ කර ඇත.

ඇෆ්ගනිස්ථානයට‍ බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් තවත් 200කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

Latest News