ඉන්දුනිසීයාවේ සුලවෙසි දුපත් ආසන්යේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබේ.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීනයේ ජිහාඩ් සන්නද්ධ අංශ නායක බහා අබු අල් - අටා මිය ගොස් තිබේ. පලස්තීනයෙන් එල්ල වන රොකට් ප්‍රහාරයන්ට ඔහු වගකිව යුතු බවයි, ඊශ්‍රායලය චෝදනා කරන්නේ.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට ලැව්ගිනි 83කින් බලපෑම් එල්ල වී තිබේ. ජන ජීවිතයට දැඩි බලපෑමක් සිදුව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මෙහි එක් ලැව් ගින්නක් හෙක්ටයාර් එක්ලක්ෂ පනස් දහසක පමණ ප්‍රදේශයක් පුරා පැතිර යමින් පවතියි.
ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් නිකුත් වී තිබේ.
බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
සිරගතව සිටි බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ලුලා ද සිල්වා මාස 19කට පසු නිදහස ලබා තිබේ. අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් හේතුවෙන් ඔහු බන්ධනාගාරගතව සිටියේය.
ජර්මනිය කාන්තා සනීපාරක්ෂක තුවාවලට පනවා තිබූ බදු ඉවත් කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා පැවති ඓතිහාසික ඡන්ද විමසීමෙන් පසු ජර්මානු පාර්ලිමේන්තුව මෙම පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.
චීනය 6 වැනි පරම්පරාවේ සංනිවේදන තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිල වශයෙන් ක්‍රියාත්මක කරයි.
අමෙරිකාව කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉල්ලයි.
සියදිව හානි කරගත් IS ඉස්ලාම් රාජ්‍යයේ හිටපු නායක අබු බකර් අල්-බග්දාදිගේ පළමු වැනි බිරිඳ, ඇගේ සහෝදරිය සහ මස්සිනා තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ ට්‍රක්රථයක මියගිය පුද්ගලයන් 39 දෙනා වියට්නාම ජාතිකයන් බව වියට්නාම මහජන ආරක්ෂක අමාත්‍යංශය ඊයේ (7) නිවේදනයක් නික්තු කරමින් ප්‍රකාශ කළේය.
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ සීමාවට වඩා විසි ගුණයකට අධික සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබේ.
ට්‍රම්ප් පදනමේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අමෙරිකාවේ නිව්යෝර්ක් අධිකරණය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කර ඇත.
නවදිල්ලි අගනුවර වායු දූෂණය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද (06) යළි විවෘත කර තිබේ.
ලෝකය හදිසි දේශගුණික අර්බුදයකට මුහුණ පා ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ගෝලීය පර්යේෂණවල නිරත විද්‍යාඥයින් එකොළොස් දහසක් පමණ එම අනතුරු ඇඟවීම් අනුමත කර ඇති බවයි, වාර්තා වන්නේ.
බෝයිං 787 ගුවන් යානයේ ඔක්සිජන් පද්ධතිය පිළිබඳව එහි සේවකයෙකු රහසිගත තොරතුරු අනාවරණය කර තිබේ.
අයි.එස්. සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක අබු බකර් අලි බැග්ඩෑඩ්ගේ වැඩිමහල් සොයුරිය තම අත්අඩංගුවට පත්වූ බව, තුර්කිය නිවේදනය කළේය.