ඉරාක උද්ඝෝෂකයේ පිරිසක් දකුණුදිග නජාෆ් නගරයේ ඉරාන කොන්සල් කාර්යාලයකට ගිනිතබා තිබේ.
ඇල්බේනියාවේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස 20 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව ලෝකයේම උපහාසයට ලක්ව ඇතැයි එරට අධිකරණය පවසයි.
කොංගෝ ජනරජයේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ, කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේයි.
ප්රජාතන්ත්රවාදයට පක්ෂපාතී කණ්ඩායම් හොංකොං දිස්ත්‍රික් සභා මැතිවරණ ප්රතිඵලවල ඉදිරියෙන් සිටින බව, පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දෙයි.
කොළොම්බියාවේ කලහකාරී තත්වය පාලනය කිරීමට හමුදාව යෙදවීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.
චීනයේ පොලිස් සුනඛයන් සඳහා ක්ලෝන කරන ලද සුනඛයන් 6 දෙනෙකු බඳවා ගෙන තිබේ.
අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද ජපානය බලා පිටත්ව ගිය අතර ගෝලීය න්‍යෂ්ටික අවි අහෝසි කිරීම, සංචාරයේ අරමුණ වන බව වාර්තා වෙයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දූෂණ චෝදනා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
9 වැනි චීන - යුරෝපා සාකච්ඡා සභාව පසුගියදා බ්‍රසල්ස් හිදී පැවැත්විණ.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගැනීමේ විවාදයේ දී, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය, ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන භටයින් 200කට ආසන්න පිරිසක් යොදවා තිබේ.
ඉතියෝපියාවේ සිඩාමා නමැති ජල කණ්ඩායමේ සාමාජිකයන් සඳහා ස්වයංනීර්ණ අයිතිය ලබා ගැනීමේ ජනමත විචාරණය ඊයේ පැවැත්විණ.
සිරියාවේ ඉලක්ක රැසකට ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
දේශගුණික විපර්යාසවල බරපතල හානිය දරුවන්ට බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර දැඩි දුමාරයක් පැතිර ඇති අතර, කලාපය පුරා විශාල වශයෙන් ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි.
අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්රචාරයවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ජපාන රජය පවසයි.
ඉක්වදෝර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ බදු හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවලියක් එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් යුක්රේන නාවුක යාත්‍රා බාරදීමට රුසියාව සූදානම් වෙයි.
ඉරානයේ විරෝධතාකරුවන් සම්බන්ධයෙන් එරට රජය අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.