අයි.එස්.ත්‍රස්තවාදී කල්ලිය සතුව සිරියාවේ පැවති අවසන් භූමි බාගය ද අද සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී සෙබලුන් අතට පත්විය.

චීන රසායනික කර්මාන්ත ශාලාවක ඊයේ (21) සිදුවූ විශාල පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 47ක් දක්වා ඉහළ ගොස් ඇත.

වෙඩිතැබීම සිදුවූ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අල්නූර් මුස්ලිම් දේවස්ථානය අසළ ඝාතනයට ලක්වූන් සිහිකර විශේෂ යාඥා සැමරුමක් අද (22) පැවැත්විණි.

බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත්වීම ලෙස හඳුන්වන බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය අවසන් වන කාලය දීර්ඝ කිරීමට යුරෝපා සංගමය එකඟවේ.

අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි හා ප්‍රහාරක රයිෆල් තුවක්කු නවසීලන්තය තුළ තහනම් කරන බව, අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසයි.

පාසල් ළමුන් 51 දෙනෙකු රැගෙන ධාවනය වෙමින් තිබූ බස් රථයක් පැහැරගත් එහි රියදුරු ඉතාලියේ මිලාන් නගරයේ දී ඊට ගිනිතබා තිබේ.

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුවූ සමූහ මිනිස් ඝාතනය මුල් කර ගනිමින්, තුර්කිය සහ නවසීලන්තය අතර මතභේදයක් හටගෙන තිබේ.

පිලිපීනයේ වෙරළකට ගොඩගසා තිබූ තල්මස් සිරුරක් තුළ තිබී කිලෝ 40ක පමණ ප්ලාස්ටික් බෑග් තොගයක් හමුවී තිබේ.

මොසැම්බික් රාජ්‍යයේ ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් දහසට ආසන්න පිරිසක් මියගොස් තිබේ.

නෙදර්ලන්තයේ යූට්රෙච් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගෙස් තිබේ.

නෙදර්ලන්තයේ යුට්රෙක්ට් නගරයේ ට්‍රෑම් රථයක් තුළ පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඉන්දුනීසියාවේ, පැපුවා ප්‍රදේශවලට ඇතිවූ ගංවතුරෙන් 73 දෙනෙක් මියගොස් තිබේ.

අමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා අධිකාරිය බෝයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට බෝයිං සමාගමට අවසර දී තිබේ.

නවසීලන්තයේ ගිනිඅවි පාලන නීති වෙනස් කිරීමට කැබිනට් හමුවක් අද පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවසීලන්තයේ පල්ලියකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා තනිව ක්‍රියාකර ඇති බව, පොලීසිය පවසයි. මේ වනතෙක් ඔහු කණ්ඩායමක් ලෙස ක්‍රියා කළ බවට, කිසිඳු සාක්ෂියක් හමු නොවීම ඊට හේතුවයි.

මොසැම්බික් රාජ්‍යට දරුණු සුළි කුණාටුවක අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.

වසර 30 ක WEB ගමන

මාර් 15, 2019

වර්ල්ඩ් වයිඩ් වෙබ් නිර්මාණය කර වසර 30 ක් සපිරේ. එහි නිර්මාතෘ වන්නේ ටිම් බානර්ස් ලී ය. මේ පිළිබඳ පළමු කතාබහ ඇතිවූයේ 1989 වසරේ මාර්තු මස 12 වැනි දිනයි. අන්තර්ජාලය ඔස්සේ සිදුවන්නේ ගෝලීය වශයෙන් පරිගණක පද්ධති එකිනෙකට සම්බන්ධවීමයි. ඒ තුළ තොරතුරු හුවමාරු කර ගැනීම සිදු වේ. යම් යම් ගැටළු සහඟත තත්වයන් පැවතිය ද ජනතාව අතර මෙම වර්ල්ඩ් වයිඩ් වෙබ් සංකල්පය විශාල ප්‍රසිද්ධියක් උසුළයි.

වායු දුෂණය අවම කිරීම සඳහා දකුණු කොරියානු පාර්ලිමේන්තුව පනත් කිහිපයක් සම්මත කරයි.

UPDATE -නවසීලන්ත වෙඩි තැබීමේ සිද්ධියෙන් මිය ගිය ගණන 49ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

පසුගියදා සිදුවූ ගුවන් අනතුරත් සමඟ සියලුම බෝයිං 737 මැකැස් ගුවන් යානා, පියාසර කිරීම නතර කිරීමට බෝයිං සමාගම තීරණය කර තිබේ.

Latest News