27කට මරු කැඳවූ කොංගෝ ගුවන්යානය

නොවැ 25, 2019

    කොංගෝ ජනරජයේ මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ, කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ප්‍රදේශයේ ගෝමා නගරයේයි.

    අදාළ ගුවන් යානය බෙනී නගරයට ගමන් කිරීම සඳහා ගුවන් ගතවී සුළු මොහොතකට පසු කඩා වැටී තිබේ. මියගිය පුද්ගලයින් අතර එකම පවුලේ නව දෙනෙක් ද වෙයි. අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටි බවයි,බලධාරීන් පවසන්නේ. අනතුරට හේතුව මෙතෙක් නිශ්චිතව අනාවරණයවී නොමැත.

    කෙසේ වෙතත් ආරක්ෂිත ප්‍රමිතීන්වල දෝෂ හා දුර්වල නඩත්තු කිරීම් හේතුවෙන් කොංගෝවේ ගුවන් අනතුර සුලබව සිදුවන අතර, මේ හේතුවෙන් එරට වාණිජ ගුවන් කටයුතු ක්‍රියාත්මක කිරීම යුරෝපා සංගමය විසින් තහනම් කර තිබේ.

     

     

    Last modified on සදුදා, 25 නොවැම්බර් 2019 10:15

    Latest News