ජනාධිපති ට්‍රම්ප්ට දෝෂාභියෝගයක්

නොවැ 21, 2019

    අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා තෝරා ගැනීමේ විවාදයේ දී, වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය, ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබේ.

    මෙවර ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ජනාධිපතිධූර අපේක්‍ෂකත්වයට තරග වඳින සෙනෙට් සභික එළිසබත් වොරන් කියා සිටියේ, ජනාධිපති ට්‍රම්ප් දෝෂාභියෝගයෙන් නෙරපා හැරිය යුතු බවයි. ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂකත්වය සඳහා තරග වඳින දස දෙනෙකු ඇට්ලන්ටාහි පැවති විවාදයට ඊයේ එක්වූහ. අමෙරිකානු ඡන්දදායකයන්ගේ අවධානය වඩාත් දිනාගැනීම සඳහා සියලු අපේක්‍ෂකයන් ප්‍රබල උත්සාහය නිරත වූ බව වාර්තාවේ. ඉන් පෙරමුණේ සිටින එළිසබත් වොරන්, බර්නි සැන්ඩර්ස්, පීටේ බුට්ටිගිඑ, ජෝ බයිඩන් මෙහිදී අදහස් පළ කළේය. ඇතැම් ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් ප්‍රතිවාදී අපේක්‍ෂකයන්ට දැඩි විවේචන එල්ල කර තිබේ. 2020 ජනාධිපති ධූර අපේක්‍ෂකත්වය සඳහා ඩිමොක්‍රටික් පක්‍ෂයේ අපේක්‍ෂකයා තේරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News