ඉන්දියාවේ වායු දූෂණය ලෝකයේම උපහාසයට?

නොවැ 26, 2019

    වායු දූෂණය හේතුවෙන් ඉන්දියාව ලෝකයේම උපහාසයට ලක්ව ඇතැයි එරට අධිකරණය පවසයි.

    අධිකරණය කියා සිටින්නේ ජනතාව වායු දූෂණය හේතුවෙන් පීඩාවට පත් නොවිය යුතු බවයි. වායු දූෂණය වැළැක්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් අධිකරණය එරට ප්‍රාන්ත රජයන්ට සහ මධ්‍යම රජයට චෝදනා කරයි. උතුරුදිග ඉන්දියාවේ නගර රැසක් දැඩි වායු දූෂණයට ලක්ව තිබේ. ඊයේ දිනයේ දිල්ලි නගරයේ වායු දූෂණ මට්ටම ඒකක 339ක අගයක් පෙන්වනු ලබයි. එය අනතුරුදායක මට්ටමක් බවයි බලධාරීන් පවසන්නේ.

    ස්වසනයට හිතකර අගය ලෙස සැලකෙන්නේ ඒකක 50ට වඩා අඩු දර්ශක මට්ටමයි. ඉදිරි දිනවල මෝසම් වර්ෂාව බලාපොරොත්තු වන අතර ඒ සමග ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වායු දූෂණය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වෙයි.

    Last modified on අඟහරුවාදා, 26 නොවැම්බර් 2019 12:16

    Latest News