ඉක්වදෝර ජනපතිගේ බදු ප්‍රතිපත්තියට පාර්ලිමේන්තුවේ විරෝධය

නොවැ 18, 2019

    ඉක්වදෝර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ බදු හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවලියක් එරට පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

    රටේ ණය බර අඩුකිරීම සඳහා ගත් උත්සහයට මෙය දැඩි පහරක් බව, විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඉක්වදෝර් ජනාධිපති ලෙනින් මොරේනෝ එරට පාර්ලිමේන්තුවට නව යෝජනාවලිය ඊයේ ඉදිරිපත් කළේය. එහෙත් එය පාර්ලිමේන්තුවේ ප්‍රතික්‍ෂේප කෙරිණ. ඉක්වදෝර රජය ලබන පෙබරවාරි මස අන්තර් ජාතික මූල්‍ය අරමුදල සමඟ අමෙරිකානු ඩොලර් බිලියන 4.2කට අදාළ ණය එකඟතාවට එළැඹීම ද ජනාධිපතිවරයාගේ ප්‍රතිසංස්කරණවලට ඇතුළත්වේ. කෙසේ වුවද, ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනාවලිය බහුතර පිරිසකගේ එකඟතාවයෙන් පරාජයට පත් විය. දැඩි ණය බරකින් පෙළෙන ඉක්වදෝරයේ ආර්ථිකය ලබන වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 700කට අධික සංඛ්‍යාවකින් ඉහළ නැංවීමට රජය අපේක්‍ෂා කළේය.

    Latest News