රුසියාව අත්අඩංගුවට ගත් යුක්‍රේන යාත්‍රා යළි බාරදෙයි

නොවැ 18, 2019

    පසුගිය වසරේ දී අත්අඩංගුවට ගත් යුක්‍රේන නාවුක යාත්‍රා බාරදීමට රුසියාව සූදානම් වෙයි.

    දෙරට අතර සහයෝගය වර්ධනය කර ගැනීම සඳහා එම යාත්‍රා අද දින නිදහස් කරන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ රුසියාව විසින් යුක්‍රේනයට අයත් නාවුක හමුදා ප්‍රහාරක බෝට්ටු දෙකක් හා ටග් යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ කර්ච් සමුද්‍ර සන්ධියේදී. එහිදී නාවුකයන් 24 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී නිදහස් කළේය. දෙරට අතර සමුළුවක් පැවැත්වීම සඳහා සාමය ගොඩ නැගීමේ පූර්ව ක්‍රියාවලියක් ලෙස මෙම යාත්‍රා නිදහස් කර තිබේ.

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 08:04

    Latest News