සිඩ්නි දුමාරයෙන් වැසී යයි

නොවැ 19, 2019

    ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නුවර දැඩි දුමාරයක් පැතිර ඇති අතර, කලාපය පුරා විශාල වශයෙන් ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙයි.

    තද සුළං නිසා නගරයට උතුරින් අභ්‍යන්තර ගින්නක් හටගෙන රාත්‍රියේ දී දුමාරයක් ඇතිවූ අතර සිඩ්නිහි වාතයෙහි ගුණාත්මක භාවය අවදානම් මට්ටමකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    ගින්නෙන් සති ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අගනුවර මිලියන පහක පමණ ජනතාවක් ජීවත් වන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

     

     

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 07:50

    Latest News