ඇල්බේනියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 20ක්

නොවැ 27, 2019

    ඇල්බේනියාවේ ඊයේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය පිරිස 20 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

    තුවාල ලැබූ පිරිස 600ක්. රිච්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනය හට ගැනුණේ ටිරානා අගනුවරට වයඹ දෙසින් කිලෝ මීටර 34ක් ඈතින්. මියගිය පිරිස වැඩි වශයෙන් වාර්තා වූයේ, ඩුරෙස් සහ තුමානේ යන නගර අවටින්. භූකම්පනය සමග පොදු දේපළවලට දැඩි හානි සිදුව තිබේ.

    ව්‍යයසනයෙන් නිවාස අහිමිවූවන් සඳහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ. සිදුවූ හානිය යථා තත්වයට පත්කර ගන්නා තෙක් ඉවසිලිවන්නට සහ තරයේ සෝදිසි කිරීම් සිදු කරන බව, ඇල්බේනියාවේ අග්‍රාමාත්‍ය එඩී රාමා විපතට පත්වූවන්ගේ ඥාතීන් හට පොරොන්දු වී තිබේ. අද දිනය ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කරන බවයි, රජය පවසන්නේ.

    Last modified on බදාදා, 27 නොවැම්බර් 2019 08:12

    Latest News