දේශගුණික විපර්යාසවල බරපතල හානිය දරුවන්ට..යුනිසෙෆ්

නොවැ 20, 2019

    දේශගුණික විපර්යාසවල බරපතල හානිය දරුවන්ට බව යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙයි.

    පොහොසත් රටවලට වඩා දුප්පත් රටවල දරුවන්ගේ ජීවිත මින් ඉහළ අවදානමකට ලක්වී ඇති බවයි, එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ. ලොව පුරා දරුවන් අනාගතයේ දී මුහුණ දෙන දරුණුතම අවදානම් තත්වයත් අතර දේශගුණික විපර්යාස ද වන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත්, යුනිසෙෆ් සංවිධානය පවසයි. එම සංවිධානයේ 30 වැනි සැමරුම වෙනුවෙන් පසුගියදා නිකුත් කළ නවතම වාර්තාවකයි මෙය සඳහන් වන්නේ.

    1989 වසරේ දී පිහිටුවා ගැනුණු මෙම සංවිධානය ගෙවනු දශක තුනේ දී ලොවපුරා දරුවන්ගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා මාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනූව, ගතවුණු මෙම කාල සීමාවේ දී දරුවන් මුහුණදුන් ප්‍රධානතම අභියෝගයන් වූයේ සෞඛ්‍ය, පෝෂණය හා අධ්‍යාපනයයි. එම කරුණුවලට වඩා අනාගතයේ දී දේශගුණික විපර්යාස ඔස්සේ එල්ල වන තර්ජනයන් වඩා අනාගතයේ දී දේශගුණික විපර්යාස ඔස්සේ එල්ල වන තර්ජනයන් වැදගත් බව යුනිසෙෆ් සංවිධානය පෙස්වා දෙයි.

    ඊට අමතරව අන්තර්ජාලය හරහා සිදු කරන අපයෝජන ද දරුවන් මුහුණ දෙන කාල සීමාවේ දී ලොවපුරා වසර අවුරුදු 5ට අඩු දරුවන්ගේ මරණ අනුපාතය 60%කින් අඩුවී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ වාර්තාවල පෙන්වා දෙයි. දරුවන්ගෙන් බොහෝ පිරිසකට මූලික අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමිව තිබෙන බව එම සංවිධානය පෙන්වා දෙයි. පාසල් නොයන දරුවන් සංඛ්‍යාව 18%සිට 8% දක්වා අඩුවී ඇති බවයි, එම සංවිධානය කියා සිටින්නේ.

    Last modified on බදාදා, 20 නොවැම්බර් 2019 08:54

    Latest News