ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි

නොවැ 21, 2019

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන භටයින් 200කට ආසන්න පිරිසක් යොදවා තිබේ.

    ඇතැම් ප්‍රදේශ අඛණ්ඩව තෙවැනි දිනටත් දුමාරයෙන් වැසී තිබීම ඊට හේතුවයි. වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වෙත බලධාරීන් විසින් මේ වනවිටත් රතු නිවේදන නිකුත් කර තිබේ. ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යනු ඇති බවට සැක කෙරේ.

    විදෙස් වාර්තා සඳහන් කරන්නේ, හදිසි අවස්ථාවකදී අනතුරුදායක ප්‍රදේශයන්හි ජනතාව ඉවත් කිරීම සඳහා නිලධාරී කණ්ඩායම් සුදානම්ව සිටින බවයි. ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ සිඩ්නි නගරයේ ඊයේ දිනය වනවිටත් දුමාරය පහව ගොස් නොතිබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News