සිරියාවේ ඉලක්ක රැසකට ඊශ්‍රායල ප්‍රහාර

නොවැ 20, 2019

    සිරියාවේ ඉලක්ක රැසකට ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

    ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති බව සිරියානු බලධාරීන් පවසයි. ඊශ්‍රායල ආරක්‍ෂක අංශ කියා සිටින්නේ, සිරියා රජයේ හා ඉරාන භටයින්ගේ ඉලක්ක වෙත ඊයේ උදෑසන ප්‍රහාර එල්ල කළ බවයි. සිරියාවේ සිට එල්ල වූ රොකට් ප්‍රහාර 4ක් බිම හෙළීමට ද ඊශ්‍රායල ආරක්‍ෂක අංශ සමත්විය. ඉරාන භට කණ්ඩායම් ඊශ්‍රායලයට එල්ල කළ රොකට් ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ, ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නා බවයි.

    Latest News