ඉරාක උද්ඝෝෂකයෝ, ඉරාන කොන්සල් කාර්යාලයට ගිනි තබයි

නොවැ 28, 2019

    ඉරාක උද්ඝෝෂකයේ පිරිසක් දකුණුදිග නජාෆ් නගරයේ ඉරාන කොන්සල් කාර්යාලයකට ගිනිතබා තිබේ.

    මාස දෙකකට ආසන්න කාලයක් ඉරාකයේ පවතින ගැටුම්වලින් ජීවිතක්ෂණයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 334ක් පමණ බවයි, වාර්තා වන්නේ. මසක් තුළ ඉරාකයේ, ඉරාන තානාපති කාර්යාලය යටතේ පවතින කොන්සල් කාර්යාලයට එල්ල වූ දෙවැනි ප්‍රහාරය මෙයයි.

    සති දෙකකට පෙර ඉරාකයේ කර්බාලා නගරයේ ඉරාන කොන්සල් කාර්යාලයකට ද ප්‍රහාර එල්ල විය. නජාෆ් නගරයේ කොන්සල් කාර්යාලයට ගිනි තැබීමට පෙර එහි සිටි කාර්ය මණ්ඩලය පළා යාමට සමත්ව ඇති බවයි, වාර්තා වන්නේ. ඉරාකයේ පවතින රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවල දී ඉරානය බැග්ඩෑඩ් පාලනයට සහායදීමේ ප්‍රතිපත්තිය නිසා, මෙලෙස උද්ඝෝෂකයින් ඉරාන කාර්යාල සඳහා ප්‍රහාර දියත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 08:34

    Latest News