ඉතියෝපියාවට ජන මත විචාරණයක් ඇයි?

නොවැ 21, 2019

    ඉතියෝපියාවේ සිඩාමා නමැති ජල කණ්ඩායමේ සාමාජිකයන් සඳහා ස්වයංනීර්ණ අයිතිය ලබා ගැනීමේ ජනමත විචාරණය ඊයේ පැවැත්විණ. 

    අවසන් ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතයි. ශීඝ්‍ර ප්‍රතිසංස්කරණයක් සිදුවූ වසරකට පසුවයි මෙම ජනමත විචාරණය පැවැත්වෙන්නේ. වාර්ගික ඉල්ලීම් හා දේශපාලන වෙනසක් පිළිබඳව පරීක්ෂණයක් ලෙසයි මෙම ජනමත විචාරණය පිළිබඳව විචාරකයන් පවසන්නේ. ඉතියෝපියාවේ සමස්ත ජනගහණය මිලියන 105ක්. ඉන් 4%ක් පමණ සිඩාමා ග්‍රෝත්‍රිකයෝ වෙයි.

    සිඩාමා ඡන්ද දායකයින් මෙම ජනමත විචාරණය තම ජීවිත කාලය පුරාම කැපකර ලබාගත් ජයග්‍රහණයක් ලෙසයි, හඳුන්වනු ලබන්නේ. ස්වයං පාලනයක් සඳහා ඔවුන් කරනු ලැබූ දශක ගණනාවක අරගලයේ අවසානයක් ලෙස මෙය හැඳින්විය හැකි බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි. ඉතියෝපියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එරට ජනවාර්ගික කණ්ඩායම් 80කට පමණ ස්වයංපාලන අයිතිය ලබා දී තිබේ. මෙවර සිඩාමා ජනමත විචාරණය සඳහා මිලියන 2.3ක ඡන්ද දායකයින් ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබේ. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 1,700ක දී ඡන්දය භාවිතා කර ඇති බව ජාතික මැතිවරණ මණ්ඩලය පවසයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 නොවැම්බර් 2019 09:15

    Latest News