කොළොම්බියාවේ කලහකාරී තත්වය පාලනයට හමුදාව

නොවැ 24, 2019

    කොළොම්බියාවේ කලහකාරී තත්වය පාලනය කිරීමට හමුදාව යෙදවීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

    රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ අඛණ්ඩව අද ක්‍රියාත්මක වූයේ තෙවැනි දිනටයි. දෙලක්‍ෂ පනස් දහසක පමණ පිරිසක් ජාතික උද්ඝෝෂණයක් සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා වීථි බැස තිබේ. සාමකාමීව ඇරඹි උද්ඝෝෂණ පසුව ප්‍රචණ්ඩකාරී අතට හැරී ඇත. පොලිසිය හා උද්ඝෝෂකයන් අතර දරුණු ගැටුම් හට ගැණින. රජයේ දූෂණ හා සහන කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණ. ගැටුම්වලින් තිදෙනෙකු මියගියේය. බොගෝටා අගනුවර ඇඳිරි නීතිය පැනවීමට ද කොළොම්බියානු රජය ඊයේ පියවර ගත්තේය. ජනාධිපති ඉවාන් ඩූකේ කලහකාරී තත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව කැඳවීමට පියවර ගෙන ඇත.

    Latest News