'ස්පුට්නික් වී' එන්නත ගැන පුටින්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මැයි 07, 2021

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට නිෂ්පාදනය කළ ස්පුට්නික් වී කොරෝනා එන්නත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

    ඔහු කියා සිටියේ, ස්පුට්නික් වී එන්නත රුසියාවේ නිෂ්පාදිත ඒ කේ 47 රයිෆලය තරම් විශ්වාසදායක බවයි. 

    මේ වන විට රටවල් රැසකින් රුසියාවට ඇනවුම් ලැබී තිබේ. 

    දැනටමත් රටවල් 30කට අධික සංඛ්‍යාවක් ස්පුට්නික් වී එන්නත භාවිත කරන බවයි, රුසියානු සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. 

    Last modified on සිකුරාදා, 07 මැයි 2021 15:37

    Latest News