ඇෆ්ගනිස්තාන බෝම්බ පිපිරීමෙන් පාසල් දරුවන් ඇතුළු 55ක් මරුට

මැයි 09, 2021

    ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පාසලක් අසළ ඊයේ සිදුවූ බෝම්බ පිපිරීම් කිහිපයකින් පාසල් දරුවන් ඇතුළු පුද්ගලයින් 55 දෙනෙකු මියගොස් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

    කාර් බෝම්බයක් පුපුරුවා හැරීමෙන් අනතුරුව, තවත් බෝම්බ දෙකක් පාසල ආසන්නයේ පුපුරා ගොස් ඇති බව වාර්තාවේ. වැඩි වශයෙන් තුවාල ලබා ඇත්තේ පාසල් ශිෂ්‍යාවන් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කාබුල් නුවර ෂියා පාසල අවසන් වී දරුවන් පිටව යන අවස්ථාවේ මෙම බෝම්බ පිපිරිම සිදුව ඇති බව එරට ආරක්‍ෂක අංශ පවසයි.

    ප්‍රහාරයට හේතුව සහ කුමන පුද්ගලයින් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න පිළිබඳව මෙතෙක් හෙළි වී නොමැත. තුවාල ලැබූවන්ට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමට මොහොමද් අලි ජින්නා රෝහල අසල ජනතාව පෙළගැසී සිටි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් බාරගෙන නොමැත. ඇෆ්ගනිස්ථාන රජය පවසන්නේ තලෙයිබාන් සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යන බවට නිවේදනය කිරීමත් සමඟ එරට ත්‍රස්තවාදී ප්‍රහාර ඉහළ යමින් පවතී. පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මේ වනවිට ලොවපුරා දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

    2012 වසරේ ඇෆ්ගනිස්තාන, තලේබාන් ප්‍රහාරයකින් තුවාල ලැබූ මලාලා යූසුෆ්සායි ට්විට‍ර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඇෆ්ගනිස්ථානයේ පාසල් දරුවන් ආරක්‍ෂා කර ගැනීමට ලෝක නායකයින් එක්විය යුතු බවයි.

    Latest News