බිල් ගේට්ස්ගේ දික්කසාදයෙන් කෝටිපතිනියක් වූ මෙලින්ඩා

මැයි 05, 2021

    මෙලින්ඩා ගේට්ස් ලොව දෙවනුවට ධනවත්ම කාන්තාව බවට පත්වීමේ තත්වයක් ඇති වී තිබේ.

    ඒ ඇය මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සමග දික්කසාද වීමට තීරණය කිරීමත් සමගයි. 

    වසර 27ක විවාහ දිවිය නිම කරමින් ඔවුන් දික්කසාද වීමට තීරණය කළ බව ඊයේ නිවේදනය කළේය. ඒ සඳහා වූ ඒකාබද්ධ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, විවාහය පිළිබඳ සිය නෛතික එකඟතාව ආපසු හැරවිය නොහැකි ලෙස බිඳී ඇති බවයි.

    මේ තීරණය පිළිබඳ මුළුමහත් ලෝකයේම අවධානය යොමු වූයේ, යුවලගේ ඩොලර් බිලියන 146ක් වූ ඒකාබද්ධ වත්කම් බෙදෙන්නේ කෙසේ ද යන්න පිළිබඳ, බොහෝ දෙනා උනන්දු වීම හේතුවෙන්. ඒ අනූව, වොෂින්ටන් හි සියැටල් අධිකරණයක දික්කසාද පෙත්සම ගොනු කර ඇති අතර එහිදී ඒකාබද්ධ වත්කමින් ඩොලර් බිලියන 73ක හරි අඩක් මෙලින්ඩාට හිමිවීමට නියමිතයි.

    මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වුවහොත් මෙලින්ඩා ලොව දෙවන ධනවත්ම කාන්තාව බවට පත්විය. ඇය දෙවැනි වන්නේ, ඩොලර් බිලියන 83ක වත්කම් දරන ලෝරල් සමාගමේ හිමිකාරිනී ෆ්‍රැන්කොයිස් බෙටෙන්කෝට් ට පමණයි. කෙසේ වුවද බිල් මෙලින්ඩා ගේට්ස් පදනම ලොව විශාලතම සුභ සාධක ආයතනයක් වන අතර ඔවුන් එහි කටයුතු දිගටම පවත්වාගෙන යාමට සැලසුම් කර අති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Last modified on බදාදා, 05 මැයි 2021 13:31

    Latest News