ස්පුට්නික් වී එන්නත ලබාදීම සිව්වැනි දිනටත් අද

මැයි 09, 2021

    'කොවිඩ්-19' ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව සහ සයිනෝෆාම්,ස්පුට්නික් වී යන එන්නත් ලබාදීම අද දිනයේත් ස්ථාන කිහිපයක දී සිදු කෙරේ.

    ස්පුට්නික් වී එන්නත සිව්වැනි දිනටත් ලබාදීම අද සිදුකෙරේ. ඒ වැල්ලම්පිටිය කොටුවිල ශ්‍රී සුමනරාම විහාරස්ථානයේදී. අද දිනයේදී පුද්ගලයින් 1200කට පමණ එන්නත් ලබාදීමට නියමිතයි.

    සයිනොෆාම් එන්නත පළමුවරට ලබාදීම ද ඊයේ ආරම්භ කෙරිණ. ඒ අනූව, එම එන්නත ලබාදීම හොරණ,ගුරුගොඩමල්බෙරිගම විහාරස්ථානයේ දී අද සිදුකෙරේ. ගුරුගොඩ ග්‍රාමනිලධාරී වසමේ දහසකට පමණ එන්නත ලබාදීමට නියමිතයි.

    බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් 40කට පමණ සයිනොෆාම් එන්නත ලබාදීම අද සිදුකෙරිණ.

    සයිනොෆාම් එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාතවට ද පළමු වරට ලබාදීම අද ආරම්භ කෙරිණ. ඒ යක්කල කෙසෙල්වතුගොඩ විහාරස්ථානයේදී, ගල්තොටමුල්ල, කෙසෙල්වතුගොඩ වීදියවත්ත යන ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ජනතාවට මෙම එන්නත ලබාදීමට නියමිතයි.

    Latest News