කොරෝනාවලින් බැටකන ඉන්දියාවට තවත් දිලීරයක්

මැයි 09, 2021

    කොවිඩ්-19 රෝගයෙන් බැටකන ඉන්දියානු ජනතාව මේ වන විට තවත් දිලීර ආසාදනයකින් ද පීඩා විදිමින් සිටියි. ඉන්දියාවේ කොරෝනා වෛරස ආසාදිතයින්ට ද මෙම දිලීරය බලපා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඊයේ උදෑසන ඉන්දියාවේ මුම්බායි නුවර කොරෝනා ආසාදිත 25 හැවිරිදි කාන්තාවකගෙන් මෙම දිලීරය හඳුනාගෙන තිබේ. ඇයගේ ඇස,නාසය සහ උගුර ආශ්‍රිතව මෙම දිලීරය පැතිර ගොස් තිබූ බවයි, වාර්තා වන්නේ. මෙය රෝගීන්ගේ මොළයට පවා බලපෑම් එල්ල කළ හැකි බවට, වෛද්‍ය විශේෂඥයින් අනතුරු අගවයි.

    එමනේම, ඔවුන් පවසන්නේ මෙය දුර්ලභ, භයානක දිලීරක් බවයි.

    දිලීරය හේතුවෙන් රෝගී කාන්තාවන්ගේ ජීවිතය බේරා ගැනීමට එක් ඇසක් ඉවත් කිරීමට සිදුවූ බවයි වාර්තා වන්නේ. පසුගිය මාස දෙකක කාලය තුළ මෙම දිලීරය ආසාදනය වූ රෝගීන් 24ක් වාර්තා වී ඇති අතර, ඔවුන්ගෙන් 11 දෙනෙකුගේ ඇස් ඉවත් කිරීමට සිදු වූ බව වෛද්‍යවරුන් පවසයි. ඔවුන්ගෙන් 6 දෙනෙක් මියගොස් තිබේ.

    මෙම දිලීර ආසාදනය පැතිර ගියහොත් ඉතා භයානක තත්වයක් ඇතිවිය හැකි බවයි, වෛද්‍යවරුන් පවසන්නේ. මීට කොරෝනා වෛරසයේ සෘජු සම්බන්ධයක් තිබේ ද යන්න පිළිබඳව තවමත් හෙළි වී නොමැත. එම නිසා හැකිතරම් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීමේ වැදගත්කම වෛද්‍යවරුන් පෙන්වා දෙයි. කොරෝනා වෛරසය වැළඳී සුව වුණු රෝගීන්ගෙන් මෙය වාර්තා වීම අතිශය භයානක තත්වයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Last modified on ඉරිදා, 09 මැයි 2021 17:09

    Latest News