මිත්‍යාමත නිසා අළුවන ඉන්දියාවේ ජිවිත....

මැයි 09, 2021

    මේ වනවිට ඉන්දියාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඉතා දැඩි අවදානමකට මුහුණ දෙමින් සිටී.

    ශීඝ්‍රයෙන් ඉහළ යන රෝගීන්ට සරිලන තරම් ඔක්සිජන් නොමැතිවීම සහ වෛද්‍ය උපකරණ හිඟය ඊට ප්‍රමුඛව බලපා තිබේ. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 4කට වැඩි ප්‍රමාණයක් වාර්තා වූ අතර, එම කාලය තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 4,000කට අධිකයි. මෙලෙස මේ මාසය තුළ ඉන්දියාවේ ලක්‍ෂ 4කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් පැය 24 තුළ වාර්තා වූයේ සිව්වැනි වරටයි. 

    ජනතාවගේ නොසැලකිල්ල සහ මිත්‍යාමත හේතුවෙන් වෛරස පාලනය අපහසු වී තිබේ. රෝගය වැළඳෙන්නේ වායු සමීකරණය කෙරුණු කාමරවල සිටින අයට පමණක් බව ඇතැමුන් පවසයි.

    බොහෝ අපිරිසිදු වටපිටාවකට හුරු වූ සහ දුෂ්කර පරිසර තත්ව යටතේ ජීවත්වන අයට මින් බලපෑමක් ඇති නොවන බව සිතා ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් මෙය පාලනය කිරීමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    Latest News