ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉකුත් පැය 24 තුළ ඉන්දියාවෙන්

මැයි 04, 2021

    කොරෝනා දෛනික ලොව වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් ඉකුත් පැය 24 තුළ ද වාර්තා වූයේ ඉන්දියාවෙන්.

    එම කාලසීමාවේ තුන් ලක්‍ෂ 55,000කට අධික නව ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඉකුත් පැය 24 තුළ එරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3,438ක්. වෛරස ව්‍යාප්තිය පාලනයට දිල්ලි බලධාරින් හමුදා සහය අපේක්‍ෂා කරමින් සිටී. රෝහල්වල දැඩි සත්කාර ඒකක රෝගීන්ගෙන් පිරි ගිහින්. ඔක්සිජන් හිඟය ව්‍යසනකාරි තත්වය උග්‍රවීමට තවදුරටත් ප්‍රධාන හේතුවක් වී තිබේ.

    Latest News