අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සමාගම් සඳහා පැනවූ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමට නව ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

ඉන්දියානු ජෛව තාක්ෂණ සමාගමක් වන පැනසියා බයෝටෙක් ලිමිටඩ් කොවිඩ්-19 රෝගයට එරෙහි ස්පුටින්ක් වී එන්නත නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 37 ලක්ෂ 6,000 ඉක්මවා ගොස් තිබේ.

ඊශ්‍රායලයේ විරුද්ධ පක්ෂ නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසයේ විවිධ ප්‍රභේදයන් පිළිබඳව නව නාමකරණයක් හඳුන්වා දී තිබේ.

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ එක් දිස්ත්‍රික්කයක පමණක් ගතවූ මාසය තුළ දරුවන් අට දහසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ප්‍රාන්ත බලධාරීන් පවසන්නේ, වසංගතය පාලනයට නව ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි.

යුරෝපා රටවල රාජ්‍ය නායකයින් හා අනෙකුත් දේපාලනයින්ගේ ඔත්තු බැලීමට අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියට සහය වූ බවට ඩෙන්මාකයට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා එල්ල කරනු ලැබ ඇත්තේ ඩෙන්මාක බුද්ධි අංශයටයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් සමග විවාහ දිවියට එළඹ තිබේ.

ලෝක ජනගහනයෙන් 70%කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නත ලබාදෙන තුරු වසංගතය අවසන් නොවන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇෆ්ගනිස්තානයේ බස් රථයට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මියගොස් තවත් 15ක් තුවාල ලබා තිබේ.

ගෝලීය කොරෝනා ආසාදිතයන්ගෙන් 18%ක් මේ වනවිට ඉන්දියාව හා අසල්වැසි දකුණු ආසියානු රටවලින් වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අමෙරිකාවේ කොරෝනා ආසාදිත පිරිස තුන්කෝටි 39 ලක්ෂ 99,000 ඉක්මවා තිබේ.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දින 11ක් පැවති ගැටුම් අතරතුර සිදුවූ යුද අපරාධ පිළිබඳ සොයා බැලිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අමෙරිකාව, කොවිඩ් - 19 වෛරසය තම රටේ විද්‍යාගාරයකින් පැමිණියේ දැයි සෙවීමට නව පරීක්ෂණයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් චීන අප්‍රසාදය පළ කරයි.

ඉන්දියාවේ කොරෝනා මරණ ලක්‍ෂ 16ක් සිදුවී ඇතැයි, අමෙරිකාවේ පළවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පවසයි.

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ ගණන අද යළිත් ඉහළ ගියේය.

ඉන්දියාවේ පවතින දැඩි නීති රීති හේතුවෙන් අපූර්ව ආකාරයෙන් සිය විවාහය පැවැත්වූ යුවලක් පිළිබඳ මාධ්‍ය වාර්තා ලැබී තිබේ.

මාලි රාජ්‍යයේ ජනාධිපති බා දාව් වහාම නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියි.

මැලේසියාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 200 දෙනෙක් තුවාල ලබා තිබේ. ක්වාලාලම්පූර් අගනුවර උමං දුම්රිය මාර්ගයක් අසළ දී අනතුර ඊයේ රාත්‍රී සිදුවිය.

ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අද ලක්‍ෂ තුන ඉක්මවා තිබේ.

Latest News