රුසියාවේ දෛනික කෙරෝනා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළයාමක්...

ඔක් 17, 2021

    රුසියාවේ දෛනික කෙරෝනා මරණ සංඛ්‍යාවේ වාර්තාගත ඉහළයාමක් දක්නට ලැබෙන බව, එරට සෞඛ්‍ය අංශ පවසනවා.

    ගතවූ පැය 24 තුළ එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1000 කට අධිකයි. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු එරටින් දෛනිකව වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාව මෙය වනවා. ගත වූ පැය 24 තුළ හඳුනාගැනුණු නව ආසාදිතයින් සංඛ්‍යාව ද 33,000 ඉක්මවා ඇත. රට තුළ එන්නත්කරණයේ පවතින දැඩි මන්දගාමී බව මීට මූලික හේතුව බවයි, එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.

    රෝහල්ගත කිරීම් ඉහළ යෑමත් සමග සෞඛ්‍ය අංශ දැඩි පීඩාවට පත්ව ඇති අතර, බලධාරින් විශ්‍රාමික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ, නැවතත් සේවයට වාර්තාකරන ලෙසයි. එරට 144,000,000 වන ජනගහනයෙන් 48,000,000 කට මාත්‍රා 02 ම ලබාදී ඇති අතර 54,000,000 ක පිරිසකට එක් එන්නත් මාත්‍රාවක් ලබාදී තිබෙනවා. රුසියාවෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,900,000 කට අධික වන අතර සමස්ත මරණ සංඛ්‍යාව 200,000 ඉක්මවා තිබෙනවා.

    Latest News