ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි ඇතුළු ප්‍රදේශ රැසක අගුලු දැමීමේ සීමා ඉවත් කෙරේ..

ඔක් 11, 2021

    ඕස්ට්‍රෙිලියාවේ සිඩ්නි නුවර ඇතුළු ප්‍රදේශ රැසක අගුලු දැමීමේ සීමා ඉවත් කිරීමට එරට රජය විසින් අද පියවර ගනු ලැබුවා.

    ඒ, දින 107 කට පසුවයි. අගුලු දැමීමේ සීමා ඉවත් කිරීමත් සමග ජනතාව විසින් එය උත්සවශ්‍රීයෙන් සමරනු ලැබූ බවයි, වාර්තා වන්නේ. ඔස්ට්‍රෙිලියාවෙන් ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිතයින් 2,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 16 ක්.

    එරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,000 කට අධික වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 1,448 ක්. නමුත්, රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට නොලැබෙන බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. එරට එන්නත්කරණය වේගවත් කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

    Latest News