බ්‍රිතාන්‍ය මන්ත්‍රී ඩේවිඩ් අමෙස් ඝාතනය කෙරේ

ඔක් 16, 2021

    බ්‍රිතාන්‍යයේ පාලක කන්සර්වේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් ඊයේ එරට දී ඝාතනයට ලක්ව තිබේ.

    එසෙක්ස් ප්‍රාන්තයේ සිය අසුනේ මහජන හමුවකට සහභාගී වෙමින් සිටිය දී පුද්ගලයෙකු මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

    ඝාතනය සම්බන්ධයෙන් සෝමාලියානු සම්භවයක් සහිත 25 හැවිරිදි බ්‍රිතාන්‍ය පුරවැසියෙකු අත්අඩංගුවට ගත් බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි. මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස සළකා කටයුතු කරන බවයි, ඔවුන් පවසන්නේ.

    69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් අමෙස් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත්තේ, 1983 වසරේ සිටයි.

    කන්සර්වෙටිව් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි ඔහු ගබ්සාවට එරෙහිව මෙන්ම, සත්ව සුබධානය වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය හඳුන්වා දී ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 12:32

    Latest News