චීනය මිසයිල අත්හදා බැලීමක් ප්‍රතික්ෂේප කරයි

ඔක් 19, 2021

    චීනය,න්‍යෂ්ටික ශක්තියෙන් යුත් ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන මිසයිලයක් අත්හදා බැලූ බවට,වාර්තා පළ වෙයි.

    මෙම අත්හදා බැලීම මෙම වසර මුලදී සිදුකළ බවටයි,හෙළි වී ඇත්තේ. එහෙත්,චීනය එම වාර්තා ප්‍රතික්ෂේප කරයි.

    සාමාන්‍යය අභ්‍යවකාශ යානා පරීක්ෂණයක් සම්බන්ධයෙන් මෙම අසත්‍ය වාර්තාව පළ වී ඇති බවටයි,චීන බලධාරීන් අවධාරණය කරන්නේ. ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතේ පළ වූ මෙම වාර්තාව බ්‍රිතාන්‍යය,අමෙරිකාව හා යුරෝපය පුරා ප්‍රචාරය වී තිබේ.

    හයිසර් සොනික් ලෙස නම් කරන මෙම මිසයිල වර්ගය වැළැක්වීමට හෝ නිශ්ක්‍රීය කිරීමට ඇති හැකියාව අවම බැවින්,මෙය ලෝක බලවතුන්ට තර්ජනයක් ලෙසයි සැළකෙන්නේ.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාවෝ ලිජියන්,ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, එය නැවත භාවිත කළ හැකි නියමුවන් රහිත අභ්‍යවකාශ යානා තාක්ෂණයක් පිළිබඳව සිදුකළ පරීක්ෂණයක් බවයි.

    Latest News