කැනඩා සහ මෙක්සිකෝ දේශසීමාවට පනවා තිබූ සංචරණ සීමා ඉවතට

ඔක් 13, 2021

    කැනඩා සහ මෙක්සිකෝ දේශසීමා වෙනුවෙන් පනවා තිබූ සංචරණ සීමා ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

    කොරෝනා වසංගතයත් සමඟ සීමා පැනවූ මෙම දේශසීමා ලබන නොවැම්බර් මාසයේ සිට නව නීතිවලට යටත්ව ලිහිල් කිරීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ. කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත් ලබාගෙන ඇති මෙක්සිකෝවේ සහ කැනඩාවේ සිට පැමිණෙන සංචාරකයින්ට නව නීති අනුව අමෙරිකාවට ඇතුළුවීමට අවසර හිමිවනු ඇති. වාර්තාගත වේගයකින් අමෙරිකානු කම්කරුවන් රැකියා හැරයමින් සිටින බව වාර්තාවේ.

    ඉකුත් අගෝස්තු මාසයේ පමණක් රැකියාවලින් ඉවත් වූ කම්කරුවන් ගණන මිලියන 4.3ක්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ ඉහළ ව්‍යාප්තිය ඊට හේතුව බවයි. අවන්හල් සේවකයන් විශාල පිරිසක් ද රැකියා හැරගිය පිරිසට ඇතුළත්.

    Latest News