ලොව පුරා ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500ක් නොමිලයේ බෙදා දීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒවා රටවල් 100කට ආසන්න සංඛ්‍යාවකට ලබාදීමට සූදානම් වන බවයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

දිනක් තුළ මෙතෙක් සිදුවූ ලොව වැඩිම කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. එම මරණ ගණන 6,138ක්.

දකුණු අප්‍රිකානු මවක් එකවර දරුවන් 10 දෙනෙක් බිහි කර තිබේ. වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාව ලෙසයි,එය සැලකෙන්නේ.

මැලේසියාවේ සක්‍රිය කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දැඩි අර්බුදයකට මුහුණ පා තිබේ.

ඉන්දියාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා ආසාදිතයන් 91,227 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා.

අමෙරිකාව සහ මෙක්සිකෝව අතර සබඳතා නව යුගයකට එළඹ ඇති බව, අමෙරිකානු උප ජනපති කමලා හැරිස් පවසනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට පුද්ගලයෙකු විසින් පහර දී තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් චිලී රාජ්‍යයේ මියගිය සංඛ්‍යාව අද වනවිට 30,000 ඉක්මවා තිබේ.

ඉන්දියාව එරට අගනුවර වන නව දිල්ලිය සහ මූල්‍ය කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන මුම්බායි නගරය අර්ධ වශයෙන් විවෘත කිරීමට තීරණය කර තිබේ. ඒ එරට කොවිඩ් ආසාදිත මරණ දිනෙන් දින පහළ යාම සළකා බැලීමෙන් අනතරුවයි.

පාකිස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරකින් බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඉන්දියාවේ ගෙවුණු පැය 24 තුළ නව කොවිඩ් ආසාදිතයින් එක් ලක්‍ෂ 14,537ක් වාර්තා වී ඇති අතර, මරණ සංඛ්‍යාව 2683ක්.

මධ්‍යම අප්‍රිකානු රටක් වන බුර්කිනා ෆාර්සෝ ප්‍රාන්තයේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ගම්වාසීන් 132ක් මියගොස් තිබේ.

ගත වූ පැය 24 තුළ සිදුව ඇති ගෝලීය කොරෝනා මරණ සංඛ්‍යාව 10,237ක්.

ප්‍රමාණවත් නිෂ්පාදනයක් නොමැති වීමෙන් එන්නත් මිලියන 200ක හිඟයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ට්‍රග්‍රෑම් ගිණුම් තවත් වසර දෙකකට අත්හිටුවා තිබේ.

ජපානය තම රටට කොවිඩ් මර්දන එන්නත් මිලියන 1.24ක් ලබාදීම සම්බන්ධයෙන් තායිවානය සිය ප්‍රශංසාව පළකරයි.

කොවිඩ්-19 දරුණු ප්‍රභේදයක් වන “ඩෙල්ටා“ වෛරස ප්‍රභේදය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයෙන් හමුව තිබේ.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන සමාගම් සඳහා පැනවූ සම්බාධක තවදුරටත් දීර්ඝ කිරීමට නව ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

ඉන්දියානු ජෛව තාක්ෂණ සමාගමක් වන පැනසියා බයෝටෙක් ලිමිටඩ් කොවිඩ්-19 රෝගයට එරෙහි ස්පුටින්ක් වී එන්නත නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 37 ලක්ෂ 6,000 ඉක්මවා ගොස් තිබේ.

Latest News