රුසියාවේ කොරෝනා මරණ 973ක්

ඔක් 13, 2021

    රුසියාවේ ඊයේ කොරෝනා මරණ 973ක් සිදුව තිබේ. ඉකුත් 2020 වසරේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට එරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව මෙය ලෙසයි සැළකෙන්නේ.

    රට තුළ ඉහළ කොරෝනා වෛරස ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. ආසාදන වේගයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව මන්දගාමී එන්නත්කරණයයි. කෙසේ වුවද, බලධාරීන් පවසන්නේ මුළු රටම අඟුළු දැමීමකට සූදානමක් නැති බවයි.

    එරට ඉහළම කොරෝනා ව්‍යාප්තියක් පවතින්නේ සූදානමක් නැති බවයි. එරට ඉහළම කොරෝනා ව්‍යාප්තියක් පවතින්නේ මොස්කව් අගනුවර බව විදෙස් වාර්තාවල සඳහන්.

    වෛරස ව්‍යාප්ති පාලනයට සීමා දැඩි කිරීම පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම රජය විසින් ප්‍රාදේශීය බලධාරීන්ට පවරා තිබේ. දිනෙන් දින වෛරස ආසාදිතයන් ඉහළ යාම නිසා එරට රෝහල් පද්ධතිය බිඳ වැටෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 11:39

    Latest News