ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ අවදානමක්

ඔක් 13, 2021

    කොරෝනා වසංගතය නිසා බලපෑමට ලක්ව ඇති ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීම අවදානම් තත්වයක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

    පොහොසත් සහ දිළිඳු රටවල් අතර විෂමතාවන් ද පෙර නොවූ විරූ මට්ටමින් ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.

    ගෝලීය ආර්ථික වර්ධනය වේගය මේ වසරේ 0.1%ක පහළ යාමක් පෙන්නුම් කර තිබේ. ඒ අනූව, එය මේ වන විට පවතින්නේ 5.9%ක අගයකයි.

    එළැඹෙන 2022 වසරේ දී ගෝලීය ආර්ථික වර්ධන වේගය තවදුරටත් 4.9% දක්වා පහත වැටෙනු ඇති බව මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් පවසයි.

    එහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ගීතා ගෝපිනාත් සඳහන් කළේ වසංගතය හමුවේ වුවද ඉහළ යන ඉල්ලුම හමුවේ ගෝලීය සැපයුම් හිඟයක් මතුවීම භාණ්ඩ මිල උද්ධමනයට හේතුව බවයි.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 12:31

    Latest News