බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යෑම මෙවර...

ඔක් 14, 2021

    යුරෝපයේ සීත ඍතුව හේතුවෙන් ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

    බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යෑම මෙවර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීත ඍතුවේදී නිවාස හා ආයතන උණුසුම්ව තබාගැනීමට ඉන්ධන විශාල ප්‍රමාණයක් සෑම වසරකම වැය වන බවයි පැවසෙන්නේ. බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපා රටවල සීත ඍතුවට අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන නොයාම මිළ ඉහළ යෑමට බලපා තිබෙනවා.

    බ්‍රිතාන්‍යයේ පසුගිය අවුරුදු 12 දී ක්‍රමයෙන් ඉහළ ගිය ඉන්ධන මිලට සමාන අගයක් එකවර මේ වසරේ ඉහළ යෑමෙන් ජනතාවට දැඩිව බලපා ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපා සංගමයට අයත් රටවල ඉන්ධන මිල පහත හෙලීමට, එම සංගමය කටයුතු කරමින් සිටිනවා. යුරෝපා කලාපයේ ඉන්ධන නිෂ්පාදනයෙන් පොහොසත් රටක් වන රුසියාව සිය ඉන්ධන නිෂ්පාදන, ගැනුම්කරුවන්ට කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

    Latest News