16කට මරු කැඳවමින් ඇෆ්ගනිස්තානයේ තවත් පිපිරීමක්

ඔක් 16, 2021

    ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක ඊයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් 16 දෙනෙකු මියගොස් තිබේ. 32 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

    කන්දහාර් නගරයේ ෂියා මුස්ලිම් දේවස්ථානයක මෙම පිපිරීම සිදුවී තිබේ. පසුගිය සතියේ ද එරට මුස්ලිම් දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.

    'අයි එස් කේ' සංවිධානය එම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණද, ඊයේ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පාර්ශවයක් වගකීම බාරගෙන නැති බවයි, වාර්තා වන්නේ.

    තලේබාන් සංවිධානය පවසන්නේ, මෙම ප්‍රහාරයද 'අයි එස් කේ' සංවිධානයේ ප්‍රහාරයක් විය හැකි බවයි.

    පසුගිය සතියේ කුන්දුස් ප්‍රදේශයේ ෂියා මුස්ලිම් දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 16 ඔක්තෝබර් 2021 12:32

    Latest News