ටෙක්සාස් වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

දෙසැ 30, 2019

    අමෙරිකාවේ ටෙස්සාස් ප්‍රාන්තයේ පල්ලියකට සිදු කළ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

    අනතුරුව, පල්ලි සාමාජිකයෙකු සිදුකළ ප්‍රති ප්‍රහාරයෙන් වෙඩික්කරු ද මියගොස් ඇති බවයි, වාර්තා වන්නේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා තිබේ. වයිට් සෙට්ල්මන්ට්හි වෙස්ට් ෆීවේ දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරය සිදුවිය. උදෑසන දේව මෙහෙය අතරතුර, ප්‍රහාරය සිදුවූ අතර එය සජීව ලෙස විකාශය වී තිබේ. අදාළ ප්‍රහාරකයා කුමන හේතුවක් මත ප්‍රහාරය සිදු කළේද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

    දේවස්ථානය තුළ බලපත්‍ර සහිත ආයුධ රැගත් නියෝජිතයින් සිටීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල විනාශයක් අවමකර ගැනීමට හැකිවූ බවයි, බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් අමෙරිකාව තුළ සමූහ මනුෂ්‍ය ඝාතන වැඩි ප්‍රමාණයක් වාර්තා වූ වසර 2019 බව එරට අධ්‍යයන වාර්තාවකින් හෙළි වී තිබේ.

    Last modified on සදුදා, 30 දෙසැම්බර් 2019 11:03

    Latest News