අධික මීදුම හා වේගය නිසා වන මාරාන්තික අනතුරක් කැමරාවේ සටහන් වේ (වීඩියෝ)

දෙසැ 28, 2019
  • කන්ටේනර් රථයක් අනතුරකට පත්වීමක් අහඹු ලෙස කැමරාවේ සටහන් වීමක් අමෙරිකාවේ ටෙක්සාස්වලින් වාර්තාවේ.

    මේ සිදුවීමේ ආරම්භය ලෙස කාර් රථ දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරක් හේතුවී තිබේ.

    අධික මීදුම් සහිත කාලගුණ තත්වයක් තුළ සිදුවූ කාර් රථ දෙකේ අනතුර පිළිබඳව පොලිසිය විසින් විමර්ශනය කරමින් සිටින අවස්ථාවේ රෝද 18ක් සහිත කන්ටේනර් රථය අධික වේගයෙන් පැමිණ නවතා තිබූ අනෙක් සියලු රථවල ගැටෙන අයුරු අහඹු ලෙස කැමරාවේ සටහන් වී ඇත.

    ටෙක්සාස් ප්‍රාන්තයේ ලබොක් ප්‍රදේශයේ "හයිවේ 84" මාර්ගයේ මෙම අනතුර සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    KCBD මාධ්‍ය ආයතනයේ ඡායාරූප ශිල්පී කෙල්බ් හෝල්ඩර් විසින් මුල් අනතුර ඡායාරූප ගතකරමින් සිටින අතරතුර අහඹු ලෙස මෙම දෙවන අනතුර වීඩියෝගත කරගැනීමට හැකිව ඇත.

    ඒ අවස්ථාවේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් තම ජීවිත බේරාගැනීමට දිව යන අයුරු එහි පැහැදිළිව සටහන්වී තිබේ. 

    අධික මීදුම් සහිත කාලගුණ අවස්ථාවල දී රියදුරන්ට වේගය පාලන කර රිය ධාවනය කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.

    Last modified on සෙනසුරාදා, 28 දෙසැම්බර් 2019 19:04

    Latest News