ගෝලීය උෂ්ණත්වයෙන් රුසියාවට දැඩි බලපෑම්

දෙසැ 31, 2019

    ගෝලීය උෂ්ණත්වයේ බලපෑම මේවන විට රුසියාවට විශාල බලපෑමක් එල්ල කර තිබේ. 1886 වසරේ සිට මේ දක්වා වාර්තා වූ උණුසුම්ම දෙසැම්බර් මාසය ලෙස මේ වසරේ දෙසැම්බර් මාසය වාර්තා අතරට එක්විය.

    ඒ හේතුවෙන් ශීත කාලයේ මොස්කව් අගනුවර හිම පතිතවීම බොහෝ සෙයින් අඩුවී තිබේ. නගරයේ බොහෝ ප්‍රදේශවල වෙනත් වසරවල මෙන් හිම තට්ටු දැක ගැනීමට හැකි වුණේ නැත. උෂ්ණත්වය ගණනය කරන දෙසැම්බර් මස 18වැනිදා, සාමාන්‍ය උෂ්ණත්වය ලෙස දැක්වුණේ සෙල්සියස් අංශක 5.6ක් ලෙසයි. ඒ හේතුවෙන් කෘතීම හිම මොස්කව් නගරයේ වීදිවලට ගෙන ඒමට බලධාරීන් කටයුතු කරනු ලැබීය.

    ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවේන එල්ල වන බලපෑම් දිනෙන් දිනම ඉහළ යමින් පවතියි. පරිසරවේදීන් පවසන්නේ, එය වළක්වා ගැනීමට වහාම කටයුතු නොකළහොත්, ඉතා විනාශකාරී අත්දැකීම්වලට මුහුණදීමට ලෝක වාසීන්ට සිදුවන බවයි.

    Last modified on අඟහරුවාදා, 31 දෙසැම්බර් 2019 11:41

    Latest News